පළමු වරට පැවැත්වෙන ලංකා T10 තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන දිනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව මෙම තරගාවලියේ පළමු ක්‍රීඩක වෙන්දේසිය නොවැම්බර් මස 10 වනදා පැවැත්වෙන බව එම නිවේදනයේ සඳහන්.
තරගාවලියේ පළමු අදියර දෙසැම්බර් මස 12 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මේ අතර එම අදියරේ සියලු තරග කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
(dailysports.online)