| CRICKET පළමු T20 තරගයේ ජය නවසීලන්තයට

පළමු T20 තරගයේ ජය නවසීලන්තයට

පළමු T20 තරගයේ ජය නවසීලන්තයට post thumbnail image

සත්කාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය නවසීලන්තය කඩුලු 5කින් ජය ගත්තා.

මෙම තරගය කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළේ ලකුණු 106ක් පමණි.

එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පිතිකාරිනිය වූ චමරි අතපත්තු අද දිනයේ ලකුණු නොලබා දැවී ගිය අතර විශ්මි ගුණරත්න ලකුණු 26ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ඇරඹු නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5කදී කඩුලු 5ක් පමණක් දැවී සිටියදී නියමිත ඉලක්කය පසු කර යාමට සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post