ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් හදිසියේ සමුගත් බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක තමීම් ඉක්බාල් එම තීරණය වෙනස් කිරීමට ඊයේ (07) තීරණය කර තිබෙනවා.
බංග්ලාදේශ අගමැතිනී ශෙයික් හසීනාගේ ඉල්ලීමක් මත තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමේ තීරණය ඉවත්කර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
තමීම්ට යළි ක්‍රිකට් පිටියට පිවිසෙන ලෙස ඉල්ලා එරට ක්‍රීඩාලෝලීන් ද ඊයේ උද්ඝෝෂණවල නිරත වුණා.