ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සහ පැතුම් නිශ්ශංක ICC හි එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.
ඒ ඉරිදා අවසන් වූ ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.
කණ්ඩායමේ දෙවැනි වැඩිම කඩුලු ලාභියා බවට පත් වූ මහීෂ් තීක්ෂණ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 13ක් ඉදිරියට පැමිණ 19 වැනි ස්ථානයට පැමිණියා.
වැඩිම ලකුණු ලාභියා වූ නිශ්ශංක 38 සිට 29 දක්වා ස්ථාන 9ක් ඉහළට පැමිණ ශ්‍රී ලංකා පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි ඉහළම ස්ථානය හිමිකරගත් චරිත් අසලංක අභිබවා ගියා.
මේ අතර තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්වල වනිඳු හසරංග එක් ස්ථානයක් ඉහළට ගොස් අටවැනි ස්ථානයට පැමිණීමට සමත් වුණා.