| ATHLETICS මැරතන් ධාවන ශූර ටයිටස් එකිරුට වසර 10ක තහනමක්

මැරතන් ධාවන ශූර ටයිටස් එකිරුට වසර 10ක තහනමක්

මැරතන් ධාවන ශූර ටයිටස් එකිරුට වසර 10ක තහනමක් post thumbnail image

මොනාකෝ මැරතන් ධාවන ශූර ටයිටස් එකිරුට වසර 10ක තරග තහනමකට මුහුන දීමට සිදුව තිබෙනවා.

ඒ තහනම් උත්තේජක භාවිතා කිරීම හේතුවෙන්.

ඔහු දැනට එම ඉසව්වේ හයවන වේගවත්ම මිනිසා ලෙස ශ්‍රේණිගත කර තිබෙනවා.

මලල ක්‍රීඩා ඒකාග්‍රතා ඒකකය ප්‍රකාශ කළේ 31 හැවිරිදි කෙන්යානු ජාතිකයාට තහනම් උත්තේජක පරීක්ෂණ සඳහා සහ තවත් චෝදනා දෙකකට මුහුණ දීමට සිදුවන බවයි.

2021 මැයි මාසයේදී මිලාන් මැරතන් තරගය ජය ගැනීමට එකිරු පැය 2, මිනිත්තු 2, තත්පර 57 ක කාලයක් වැය කළා.

වත්මන් වාර්තාව පසුගිය වසරේ බර්ලිනයේ දී Eliud Kipchoge විසින් පැය 2 මිනිත්තු 01 තත්පර 09ක කාලයක් ලබා ගත්තා.

එමෙන්ම එකිරු 2019 අප්‍රිකානු ක්‍රීඩා උළෙලේ අර්ධ මැරතන් ශූරතාව ද දිනා ගැනීමට සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post