| CRICKET වසර 15ක ක්‍රිකට් දිවියට සමුදීමට වහාබ් රියාස් තීරණය කරයි

වසර 15ක ක්‍රිකට් දිවියට සමුදීමට වහාබ් රියාස් තීරණය කරයි

වසර 15ක ක්‍රිකට් දිවියට සමුදීමට වහාබ් රියාස් තීරණය කරයි post thumbnail image

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක වහාබ් රියාස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

මේ වනවිට එරට දේශපාලනයට සම්බන්ධ වී ඇති වහාබ් රියාස්, පළාත් ක්‍රීඩා අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔහු පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් තරග 27ක්, එක්දින තරග 91ක් සහ විස්සයි විස්ස තරග 36කට ක්‍රීඩා කර තිබෙනවා.

එමෙන්ම අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත්තේ, 2020 වසරේ දී වීම විශේෂත්වයක්.

ඒ අනුව සිය වසර 15ක ක්‍රිකට් දිවියට සමුදීමට වහාබ් රියාස් තීරණය කර ඇති අතර, ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා තවදුරටත් ක්‍රීඩා කරන බවයි ප්‍රකාශ කර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post