ජුනි මාසයේ ICCයේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා යෝජිත නම් අතරට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග නිර්දේශ වී තිබෙනවා.
වනිඳු හසරංගට අමතරව සිම්බාබ්වේ ක්‍රීඩක Sean Williams සහ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Travis Head නිර්දේශිත සෙසු නම් අතරට ඇතුළත්.
සිම්බාබ්වේහිදී පැවැත්වෙන ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ දී දැක්වූ දක්ෂතා පදනම් කරගනිමින් වනිඳු මෙලෙස නිර්දේශ වී ඇති බව සඳහන්.
එම තරගාවලියේ වැඩිම කඩුළු ලාභියා වෙමින් ඔහු විසින් බිඳ හෙළා ඇති කඩුළු සංඛ්‍යාව 20ක් වනවා.