| RUGBY වේන් බාන්ස් විනිසුරු තනතුරෙන් විශ්‍රාම ගනී

වේන් බාන්ස් විනිසුරු තනතුරෙන් විශ්‍රාම ගනී

වේන් බාන්ස් විනිසුරු තනතුරෙන් විශ්‍රාම ගනී post thumbnail image

එංගලන්තයේ වේන් බාන්ස් පසුගියදා පැවති ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට පෙනී සිටීමෙන් අනතුරුව විනිසුරු තනතුරෙන් විශ්‍රාම ගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා .

1995දී එඩ් මොරිසන්ට පසුව අවසන් මහා තරගය විනිශ්චය කළ දෙවන ඉංග්‍රීසි ජාතිකයා බවට බාන්ස් පත් වුණා.

එමෙන්ම 44 හැවිරිදි ඔහු 2006 ජුනි මාසයේදී සැමෝවා කණ්ඩායමට එරෙහිව ෆීජි තීරකවරයා ලෙස සිය මංගල තරගයට පිවිසියා.

ඔහු ලෝක කුසලාන තරග පහක විනිශ්චය කර ඇති බව සඳහන්.

එමෙන්ම ඔහු 2019 වසරේ ලෝක රග්බි විනිසුරුවරයා ලෙසද නම් කර තිබෙනවා.
(dailysports.online)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post