| CRICKET කොදෙව් යෞවනයින් මෙරට සංචාරයක

කොදෙව් යෞවනයින් මෙරට සංචාරයක

කොදෙව් යෞවනයින් මෙරට සංචාරයක post thumbnail image

යොවුන් ටෙස්ට් තරග දෙකකින් සහ යොවුන් එක්දින තරග 3කින් සමන්විත තරග සංචාරයක් සඳහා බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ සංචිතය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී ක්‍රියාත්මක වීමට නියමිත මෙම සංචාරය එක්දින තරගාවලියෙන් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එම තරග අගෝස්තු 27 වැනිදා සිට සැප්තැම්බර් 1 වැනිදා දක්වා පැවැත්වෙන බව සඳහන්.

ඉන් අනතුරුව සැප්තැම්බර් 5 වැනිදා සිට 15 වැනිදා දක්වා ටෙස්ට් තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සඳහා යොදා ගන්නා ක්‍රීඩාංගණ මේ වන තෙක් නිවේදනය කර නොමැති බවයි වාර්තා වන්නේ.

තරග කාලසටහන,

යොවුන් එක්දින තරගාවලිය

පළමු තරගය – අගෝස්තු 27
දෙවැනි තරගය – අගෝස්තු 30
තෙවැනි තරගය – සැප්තැම්බර් 1

යොවුන් ටෙස්ට් තරගාවලිය

පළමු තරගය – සැප්තැම්බර් 5 වැනිදා සිට 8 වැනිදා දක්වා
දෙවැනි තරගය – සැප්තැම්බර් 12 වැනිදා සිට 15 වැනිදා දක්වා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post