| CRICKET කොදෙව් – ශ්‍රී ලංකා 19න් පහළ කාලසටහන නිකුත් කරයි

කොදෙව් – ශ්‍රී ලංකා 19න් පහළ කාලසටහන නිකුත් කරයි

කොදෙව් – ශ්‍රී ලංකා 19න් පහළ කාලසටහන නිකුත් කරයි post thumbnail image

යොවුන් ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරග තුනක් සඳහා සහභාගී වීමට බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණියා.

අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට පෙර කොදෙව් කණ්ඩායම අගෝස්තු 25 වැනිදා කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩා පිටියේ දී පුහුණු තරගයකට ද සහභාගී වීමට නියමිතයි.

තරගාවලියේ තරග තුනකින් යුත් එක්දින තරගාවලිය අගෝස්තු 27 සිට සැප්තැම්බර් 01 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම ටෙස්ට් තරග ද්විත්වය සැප්තැම්බර් 05 සිට 15 දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ සියලු තරග දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

තරගාවලියේ කාලසටහන,

අගෝස්තු 25 – පුහුණු තරගය (CCC)
අගෝස්තු 27 – පළමු එක්දින තරගය (දඹුල්ල)
අගෝස්තු 30 – දෙවැනි එක්දින තරගය (දඹුල්ල)
සැප්තැම්බර් 01 -තෙවැනි එක්දින තරගය (දඹුල්ල)
සැප්තැම්බර් 5 සිට 8 – පළමු ටෙස්ට් තරගය (දඹුල්ල)
සැප්තැම්බර් 12 සිට 15 – දෙවැනි ටෙස්ට් තරගය (දඹුල්ල)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post