මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී සිදුව තිබෙනවා.
මෙහිදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ යටිතල පහසුකම් නංවාලීම සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා පවත්වා තිබෙනවා.
එහිදී නව ක්‍රීඩා නීතියක් මෙන්ම නව ක්‍රීඩා අධිකාරියක් ගෙන ඒ්මට පියවර ගන්නා බව ජනාධිපතිවරයා පොරොන්දු වී ඇති බව සඳහන්.
මේ අතර ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ජනාධිපතිවරයාට වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාදීමට තවත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ දෙකක අවශ්‍යතාවක් පවතින බවයි.
එමෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩාංගණ දෙකක් සැදීමට පහසුකම් සපයන්නේ නම් ඔවුන්ට ක්‍රීඩාංගණ දෙකක් සාදා දීමට හැකි බව මෙහිදී ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පවසා තිබෙනවා.