2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන දින පිළිබඳව ICCය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම අයත් නොවන තරගවල ප්‍රවේශ පත්‍ර අගෝස්තු 25 වැනිදා සිට මිල දී ගැනීමට හැකි වනවා.
එමෙන්ම ඉන්දියාව සහභාගී වන සියලු තරගවල ප්‍රවේශ පත්‍ර අදියරෙන් අදියර නිකුත් කරන බව ICCය ප්‍රකාශ කළා.
ඉන්දියාව සහභාගී වන පුහුණු තරගවල ප්‍රවේශ පත්‍ර අගෝස්තු 30 වැනිදා සිටත්, මූලික වටයේ තරගවල ප්‍රවේශ පත් අගෝස්තු 31 වැනිදා සිටත් මිල දී ගැනීමට හැකියාව පවතින බව සඳහන් වනවා.
