| CRICKET WORLD CUP 2023 | ලෝක කුසලාන කාලසටහනේ වෙනසක්

WORLD CUP 2023 | ලෝක කුසලාන කාලසටහනේ වෙනසක්

WORLD CUP 2023 | ලෝක කුසලාන කාලසටහනේ වෙනසක් post thumbnail image

මෙම වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 9ක දින වෙනස් කිරීමට සිදු වූ බව ඉන්දීය ක්‍රිකට් කවුන්සිලය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කළා.

සංස්කෘතික උත්සවයක් නිසා ඉන්දියාව සහ පාකිස්තානය අතර ඔක්තෝබර් 15 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ තරගය ඔක්තෝබර් 14 වැනිදා දක්වා දිනයක් ඉදිරියට ගෙන තිබෙනවා.

එමෙන්ම මෙවර තරගාවලියේ තරග කිහිපයක් දින වෙනස් කර දෙන ලෙස ක්‍රිකට් ආයතන කිහිපයක් ඉල්ලා සිටි බව ඉන්දීය ලේකම්වරයා ප්‍රකාශ කළ අතර එය පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම තරග 9 දින වෙනස් කිරීමට තීරණය කර තිබෙන අතර තරග පැවැත්වීමට නියමිත ස්ථානවල කිසිදු වෙනසක් සිදුව නැහැ.

එංගලන්තය සහ බංග්ලාදේශය – ඔක්තෝබර් 10

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව – ඔක්තෝබර් 10

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව – ඔක්තෝබර් 12

නවසීලන්තය සහ බංග්ලාදේශය – ඔක්තෝබර් 13

ඉන්දියාව සහ පාකිස්තානය – ඔක්තෝබර් 14

එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය – ඔක්තෝබර් 15

ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය – නොවැම්බර් 11

එංගලන්තය සහ පාකිස්තානය – නොවැම්බර් 11

ඉන්දියාව සහ නෙදර්ලන්තය – නොවැම්බර් 12

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post