2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ මුල් ස්ථාන 7 දිනා ගන්නා කණ්ඩායම් සමඟ සත්කාරක පාකිස්තානය 2025 ශූරයින්ගේ කුසලාන තරගාවලියට සහභාගී වීමට නියමිත බව ICCය විසින් තහවුරු කළා.
මේ වනවිට 2023 ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි සහ 10 වැනි ස්ථානවල පිළිවලින් බංග්ලාදේශය සහ එංගලන්තය රැඳී සිටිනවා.
නමුත් 2025 ශූරයින්ගේ කුසලානය සඳහා සුදුසුකම් ලැබීමට හැකියාව ලැබෙන්නේ රටවල් 8 කට පමණයි.
ඉන් එක් රටක් ලෙස සත්කාරක පාකිස්තානය දැනටමත් සුදුසුකම් ලබා ඇති අතර තවත් කණ්ඩායම් 7 කට තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලබා ගත හැකි බව සඳහන්.
ඒ අනුව මෙවර ලෝක කුසලානයට සහභාගී වීමේ වරම් අහිමි වුන. බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ සහ අයර්ලන්තය වැනි කණ්ඩායම් වලට 2025 ශූරයින්ගේ කුසලානයද දැනටමත් අහිමි වී තිබෙනවා.
(dailysports.online)
.